Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th June 2023 21:11:38 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය මගින් පැවත්වූ බලඇණි ආධාරක අවි පාඨමාලාව සාර්ථකව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාන මගින් නිලධාරීන් වෙනුවෙන් පෙබරවාරි මස 22 දින සිට ජුනි මස 13 දින දක්වා පවත්වන ලද ‘බලඇණි ආධාරක අවි පාඨමාලා අංක -84 (2023/I) හි සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය දා පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී කර්නල් එස්.ජේ.එම්.එන්.එස් පෙරේරා යූඑස්පී පාඨමාලාව හදාරනු ලැබූ නිලධාරීන් වෙත සහතික පත් ප්‍රධානය කරමින් එම පාඨමාලා ලාංඡන පලඳවන ලදී.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් මාස හතරක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 29 දෙනෛකු සහභාගී වූ අතර, පාඨමාලාව සඳහා පාබල හමුදාවන් භාවිතා කරන මූලික අවි ආයුධ සම්බන්ධ න්‍යායික හා ප්‍රායෝගික පුහුණු වීම් ඇතුලත් විය. පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් කේ.ඒ.එස්.ඒ.කේ ආරච්චි සම්මාන දිනාගත්තේය. පාඨමාලාව හදාරනු ලැබූ ශිෂ්‍ය නිලධාරීන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමට පෙර ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමාප්ති දේශනය පවත්වන ලද අතර, එම අවස්ථාව සඳහා පාඨමාලාවේ උපදේශකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් එක්ව සිටියහ.