16th June 2023 20:58:46 Hours
අක්කරෙයිපත්තුව නගර මධ්‍යයේ පිහිටි අබලි යකඩ වෙළෙඳසලක පසුගිය අඟහරුවාදා (ජුනි මස 06) දින පෙරවරු 1030 ට පමණ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කළහ. ඒ සඳහා අක්කරෙයිපත්තු පොලිස් ස්ථානයේ නිලධාරීන්, ගැලවීමේ හමුදාවේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ද හිමිවිය.
යුද්ධ හමුදා භටපිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී එම ගින්න මැඩපවත්වමින් අවට පිහිටි අනෙකුත් වෙළඳසැල් වෙත ගින්න පැතිරයාමේ අවධානය වැළැක්වීය. 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරනු ලැබූ මෙම වැඩසටහනේ අධීක්ෂණ කටයුතු එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී විසින් අධීක්ෂණය කරන ලදී.