Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2023 23:55:08 Hours

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ෆ්‍රැන්කොයිස් පිලිප් ගැරෝක්ස් (Colonel Francois Philippe Garraux) පසුගිය සඳුදා (ජුනි මස 12) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වූයේය. සංචාරයේ නිතර කර්නල් ෆ්‍රැන්කොයිස් පිලිප් ගැරෝක්ස් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය. මෙහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ කර්නල් ෆ්‍රැන්කොයිස් පිලිප් ගැරෝක්ස් සිවිල් - හමුදා සහයෝගීතාව, සමාජ සුබසාධන ව්‍යාපෘති, සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ. ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම කර්නල් ෆ්‍රැන්කොයිස් පිලිප් ගැරෝක්ස් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ කර්නල් සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ද සහභාගී වූහ.