Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2023 20:43:51 Hours

ප්‍රතිනිර්මාණය කළ යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය එළිදැක්වේ

රටේ ජනප්‍රියම ආරක්‍ෂක වෙබ් අඩවිය වන www.army.lk වෙබ් අඩවිය නව මුහුණුවරකින් ප්‍රතිනිර්මාණය කර මේ වනවිට සියලු තොරතුරු සමඟින් යාවත්කාලීන කර ඇති අතර සීඝ්‍රයෙන් වෙනස් වන තාක්‍ෂණයත් සමඟ එය භාවිතා කරන්නන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මෙම නව වෙබ් අඩවිය එළිදැක්වීය. ප්‍රතිනිර්මාණය කරන ලද යුද්ධ හමුදා වෙබ් අඩවිය සහ ‘සෙබළ සිතිවිලි’ ඊ සඟරාව යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් අද (2023 ජුනි මස 15) දින සන්ධ්‍යාවේ එළිදැක්වීය. එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය කර්නල් ඒ.එම්.ඩී.බී. අධිකාරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I ලුතිනන් කර්නල් එච්.ජී.ජේ.ටී. පෙරේරා ආර්එස්පී ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අඩු පිරිවැයකින් යුතුව තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මෘදුකාංග ඉංජිනේරුවන් සහ තාක්‍ෂණික කාර්යය මණ්ඩලයේ සහයෝගය ඇතිව වසර 10 කට පසු සම්පුර්ණයෙන්ම යාවත්කාලීන කරන ලද නව වෙබ් අඩවිය යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සොල්දාදුවන්ගේ සාහිත්‍යමය නිර්මාණාත්මක භාවය ඉහළ නැංවීම වෙනුවෙන් සෙබළ සිතුවිලි මැයෙන් ඊ සඟරාවක් එළිදැක්වීම ද ඊට සමගාමීව සිදුකරන ලදී. මේ වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රියාත්මක වන ප්‍රාථමික රාජකාරි, එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි, පුහුණු වීම්, සිවිල් - හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති, සුබසාධන ව්‍යපෘති, ක්‍රීඩා, සේවා වනිතා ආදී කරුණු පිළිබඳ සවිස්තරාත්මක විස්තර සහ තොරතුරු මෙම වෙබ් අඩවිය තුලින් එළිදක්වනු ලබයි.

නව වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණ කාර්යය සඳහා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ සහ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී ඇතුළු ශ්‍රී ලංකා සංඥා බලකායේ තොරතුරු තාක්‍ෂණ විශේෂඥයින් සමඟින් මේජර් ඩබ්ලිව්.පී.එස්.ඩී.පී. පටබැඳිගේ, මේජර් කේ.ඩබ්ලිව්.ජී.එස්.එස්. විජේරත්න පීඑස්සී, මේජර් ටී.ඩි. කන්කානම්ගේ, කපිතන් ටී.කේ. රාමසිංහ, කපිතන් ඒ.ඩබ්ලිව්.ඒ.එල්.ඒ. අමුණුගම, කපිතන් වී. සුදර්ශන් සහ ලුතිනන් එච්.ඩී.පී. ගුණතිලක ඇතුළු නිලධාරින් දායකත්වය දැක්වූහ. www.army.lk නිල යුද්ධ හමුදා වෙබ් අඩවියට අමතරව සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් වැසියන්ගේ පරිශීලනය උදෙසා යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් දෙසතිය ප්‍රවෘත්ති පුවත්පත, සෙබළ සිතුවිලි ඊ සඟරාව, Defenders of the Nation ෆේස් බුක් පිටුව, SL Army /YouTube නාලිකාව සහ Twitter ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා හා ප්‍රවෘත්ති විකාශයන් ද ඉදිරිපත් කරනු ලබයි.