21st February 2023 20:00:45 Hours
27 වන ‘Eliyakanda Speed Hill Climb - 2023’ යතුරුපැදි ධාවන තරඟාවලිය පසුගිය සති අන්තයේ (පෙබරවාරි 18-19) මාතර, එළියකන්ද මෝටර් සයිකල් ධාවන පථයේදී පැවැත්වුණු අතර ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සාමාජිකයන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සහභාගී වූ යතුරුපැදි ධාවන තරඟකරුවන් අභිබවමින් කුසලාන දිනාගැනීමට සමත්වූහ.
පහත දැක්වෙන ඉසව් හතර නියෝජනය කරමින් යුද්ධ හමුදා තරඟකරුවන් කුසලාන දිනාගත්හ:
125cc up to 250 cc Speed Trail මෝටර් සයිකල් විවෘත ඉසව්වේ 3 වන ස්ථානය - ඉංජිනේරු සේවා බලකායේ කෝප්රල් ජේ.එම්.එස්. ජයලත්
SM-Super Motard 250/450 cc විවෘත ඉසව්වේ ප්‍රථම ස්ථානය සහ Sport Touring 600cc ඉසව්වේ 3 වන ස්ථානය - ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ කෝප්රල් බී.අයි. මධුරංග
SM - Super Motard 250/450cc විවෘත ඉසව්වේ 4 වන ස්ථානය - ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල එල්.බී.ඩී. සෙනෙවිරත්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝණ් විසින් යතුරුපැදි ධාවන තරඟකරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සහ මඟපෙන්වීම් ලබාදෙන ලදී.