Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2023 21:56:05 Hours

අලුත් අවුරුදු උදාව වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සේවයේ නියුතු සිවිල් සේවක සේවිකාවන් සඳහා තිළිණ ප්‍රදානය කෙරේ

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සේවයේ නියුතු සිවිල් සේවකයින් 50 දෙනෙකු වෙත තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් ඉකුත් සඳුදා (17) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි. එහිදි යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සේවයේ නියුතු කාර්යය මණ්ඩලය වෙනුවෙන් අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් චාරිත්‍රානුකූල තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් එන් මහවිතාන කේඑස්වී ගේ සම්බන්ධීකරණයෙන් එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.

එහිදි පැවැති තේ පැන් සංග්‍රහය අතරතුර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය සියලුම සිවිල් සේවක මහත්ම මහත්මීන් හමුවී අලුත් අවුරුදු සුබපැතුම් එක් කරමින් ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූවාය.