Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

24th May 2023 23:24:59 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ගෞරවාචාරය

අභිනවයෙන් උසස්වීම් ලබා රොක් හවුස් කඳවුර තුළ ස්ථාපිත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (මැයි මස 23) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

මෙම උත්සවයේදී භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී සිය උසස්වීම වෙනුවෙන් මංපෙත් විවර කළ එම රෙජිමේන්තුවේ විශ්‍රාමික සහ සේවයේ නියුතු සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් ස්වර්ණ බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී අභිනවයෙන් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සිය කාර්යාලයට ආරාධනා කිරීමෙන් අනතුරුව එතුමන් වෙත සිය සුබපැතුම් එක්කළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.