Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

24th May 2023 23:23:59 Hours

රාජකීය විද්‍යාලයේ Interact Club හි සාමාජිකයින් මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසයි

කොළඹ රාජකීය විද්‍යාලයේ Interact Club හි සාමාජිකයින් පිරිසක් පසුගිය සඳුදා (මැයි මස 15) දින අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් හමුවී ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරතවිය.

රාජකීය විද්‍යාලයේ Interact Club හි සාමාජිකයින් එම රණවිරුවන් වෙනුවෙන් ප්‍රණීත තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව පරිගණක ආශ්‍රිත අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කළ හැකි UPS යන්ත්‍ර 08 ක් ද පරිත්‍යාග කළහ. මෙම අවස්ථාවට අත්තිඩිය මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස්. බාලසූරිය, නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගී වූහ.