24th May 2023 23:25:59 Hours
මන්නාරම ප්‍රදේශයේ සේවයේ නියුතුව සිටියදී මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමේ සහ වසර 30 කට අධික කාලයක් පුරාවට පැවති මානුෂීය මෙහෙයුමේ ඓතිහාසික අවසානය සිහිපත් කිරීමේ උත්සවයක් මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියසදී පසුගිය බ්‍රහස්පතින්දා (මැයි මස 18) දින පැවැත්විණි.
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් මෙම සැමරුම් උත්සවයේදී, දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් සිය පුෂ්පෝපහාරයන් පුදකළහ.
මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව සුවය ලබමින් සිටින වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඉක්මන් සුව පැතීම වෙනුවෙන් මාතොට පුරාණ වීහාරස්ථානයේ පූජ්‍ය එම්. සංඝරක්ඛිත හිමිපාණන්ගේ මූලිකත්වයෙන් බෝධි පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනාවක් සිදුකරමින් එම ප්‍රදේශයේ සේවයේ නියුතුව සිටින සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ආශිර්වාද එක්කළහ. මෙම අවස්ථාව සඳහා 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.