Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

24th May 2023 23:21:59 Hours

විජයග්‍රහණයේ දින සැමරුම වෙනුවෙන් 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේදී පුහුණු වැඩමුළුවක්

විජයග්‍රහණයේ දින සැමරුම සනිටුහන් කරමින් ත්‍රිකුණාමලය, ක්ලැපන්බර්ග් පිහිටි 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කඳවුරු පරිශ්‍රයේදී ‘4 සන්නද්ධ රෙජිමේන්තු මානුෂීය මෙහෙයුම’ මැයෙන් වැඩමුළුවක් (මැයි මස 19) දින පැවැත්විණි.

දිවංගත සියලුම රණවිරුවන් 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රණවිරු ස්මාරකය අභියසදී අනුස්මරණය කිරීමෙන් අනතුරුව මෙම පුහුණු වැඩසටහනේ ආරම්භය සනිටුහන් කෙරිණි.

වර්ෂ 2006 සිට 2009 දක්වා කාලය තුළ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් ඉටුකරනු ලැබී අනගිභවනීය කාර්යභාරය පිළිබඳ මෙහිදී දැනුවත් කෙරිණි. මෙම පුහුණු සැසිය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.