Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

24th May 2023 23:22:59 Hours

‘ධනාත්මක චින්තනය’ පිළිබඳ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් දැනුවත් කෙරේ

3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මාසික පුහුණු දිනයට සමගාමීව පසුගිය බදාදා (මැයි මස 17) දින ‘ධනාත්මක චින්තනය සහ අභිප්‍රේරණය’ මැයෙන් හරවත් පුහුණු සැසියක් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත එම ඒකක මූලස්ථානයේදී පැවැත්විණි.

පොලිස් පරීක්‍ෂක දිමුතු ප්‍රදීප් ජයසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුහුණු සැසිය සඳහා 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.