Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2023 22:07:58 Hours

යුද්ධ හමුදාවේ සිවිල් සේවකයින්ගේ දරුවන්ට 57 වන පාබල සේනාංකයෙන් පාසල් උපකරණ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (මාර්තු 30) දින 57 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු සිවිල් සේවකයින් 14 දෙනෙකුගේ දරුවන් 20 දෙනෙකුට පාසල් උපකරණ බෙදාදීමේ සුභසාධන ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස්ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරන ලදී.

57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් මීගමුවේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන ජීවන්ත ප්‍රනාන්දු මහතා සහ ටෙරන්ස් ප්‍රනාන්දු මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහකත්වය දක්වන ලදී. මෙම උත්සවයේදී සිසුන් 20 දෙනෙකු අතර එක් අයෙකුට රු. 3500.00 බැගින් පාසල් උපකරණ බෙදාදෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහභාගී වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රතිලාභීන් ද සහභාගී වූහ.