Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th April 2023 18:35:29 Hours

දිවයින පුරා යුද්ධ හමුදා කඳවුරු තුළ පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ තවත් එක් අදියරක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයහිදී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමය වෙතින් පසුගිය බදාදා (අප්‍රේල් මස 26) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ධර්ම දේශනා මාලාවක් පැවැත්වීය.

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මානසික යහපැවැත්ම, සාමය සහ සහජීවනය සඳහා මඟපෙන්වීමේ අරමුණින් පැවති මෙම ධර්ම දේශනා මාලාව බෙලිහුල්ඔය සීලසමාහිත ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති බලංගලොඩ රාධ හිමිපාණන් විසින් මෙහෙයවනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් මෙම ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදුන්හ. මෙම අවස්ථාව සඳහා එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන් 600 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පවත්වනු ලැබූ මෙම ධර්ම දේශනා මාලාව මීට ප්‍රථම 1 වන බලකා මූලස්ථානය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි හිදී පවත්වනු ලැබීය.