Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th April 2023 19:25:22 Hours

‘අභිමංසල - 1’ සුවතා නිකේතන පරිශ්‍රයේදී සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වේ

යුද්ධ හමුදා මූලස්ථානයේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් 2023 අප්‍රේල් මස 18 දින අනුරාධපුර ‘අභිමංසල - 1’ සුවතා නිකේතන පරිශ්‍රයේදී අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් විශේෂ සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වූ අතර එහිදී, සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ සන්ද්‍යාවේ සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය.

මෙම අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.එම්.කේ. චක්‍රවර්ති ආර්එස්පී සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ එම සුවතා නිකේතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූහ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සංගීතමය වැඩසටහනක් පැවැත්විණි.