18th May 2023 22:17:06 Hours
කොළඹ යුද්ධ හමුදා රෝහලේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් දේශනයක් පසුගිය බදාදා (17) දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දේශන ශාලාවේදී පැවැත්විණි.
උපදේශක වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම දේශනයේදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව, බෝ නොවන රෝග සහ පොදු සෞඛ්‍ය කරුණු පිළිබඳව අවධානය යොමු කෙරිණි.
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 22 දෙනෙකු සහ සෙසුනිලයන් 90 දෙනෙකු මෙම දේශනය සඳහා සහභාගී වූහ.