Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2023 19:27:09 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නව නිලධාරි නිවස්නය විවෘත කෙරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව නිලධාරි නිවස්නය පසුගිය බ්‍රහස්පතින්දා (18) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය. එම මූලස්ථානයේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම නිලධාරී නිවස්නය සියලු පහසුකම්වලින් සමන්විත කාමර 8 කින් යුක්ත වේ. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් 3 ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් මාස කිහිපයක් ඇතුළත සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කරන ලදී. මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ 3 ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සහභාගී වූහ.