08th June 2023 20:11:31 Hours
පොසොන් පොහොය නිමිත්තෙන් 593 පාබල බලසේනාව යටතේ රාජකාරි කරනු ලබන භටපිරිස් එක්ව පසුගිය සෙනසුරාදා (03) දින කොහොඹගස් හන්දිය අසල සිසිල් බීම දන්සැලක් පවත්වන ලදී. වැඩසටහන සඳහා 593 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩී.පී.සී. ආරච්චිගේ, 19 ගැමුණු හේවා බලඇණීයේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.