02nd April 2023 22:06:00 Hours
අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 100’ හි සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා (මාර්තු මස 31) දින එම පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2023 ජනවාරි මස 09 දින ආරම්භ කළ පාඨමාලාව විවිධ පැතිකඩයන් ඔස්සේ පුහුණු කරනු ලැබු අතර, කොමිෂන් නොලත් නිලධාරීන් යුද්ධ හමුදාවේ උපදේශකයින් ලෙස හැඩගැස්වීමේ අරමුණින් පැවැත්වූ මෙම පාඨමාලාව සඳහා පිරිමි සහ කාන්තා කොමිෂන් නොලත් නිලධාරීන් 70 දෙනෙකු සහභාගී වූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රුවන් මුණිපුර සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් පාඨමාලාවේ සිසු සිසුවියන් වෙත සහතිකපත් සහ ඇගයීම් සංකේත ප්‍රදානය කළේය.
පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ටී.ජී.කේ.එස්. ගුණවර්ධන දිනාගත් අතර ඔහු සටන් පුහුණු පාසලේ සේනාවිධායකගේ විශේෂ ඇගයීමට ලක්විය.