Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2023 21:05:14 Hours

ගැමුණු හේවා රෙජිමේන්තුවේ උතුරු ප්‍රදේශයේ රාජකාරියේ නියුතු නිලධාරින් සඳහා නිලධාරි පුහුණු දින වැඩමුළුවක්

ගැමුණු හේවා රෙජිමේන්තුවේ උතුරු ප්‍රදේශයේ රාජකාරියේ නියුතු නිලධාරින් සඳහා නිලධාරි පුහුණු දින වැඩමුළුවක් 2023 මාර්තු 28 දින සිට 31 දින දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යන කඳවුරුවල පැවැත්විණි.

නිලධාරීන්ගේ සන්නිවේදන කුසලතා, විශ්ලේෂණ කුසලතා, ලේඛණ කුසලතා සහ ඵලදායී ඉදිරිපත් කිරීමේ කුසලතා වර්ධනය කිරීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කළ අතර, මෙම වැඩමුළු දෙක සඳහා ගැමුණු හේවා රෙජිමේන්තුවේ නිලධාරීන් 100 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඊ. ඒ. ඩී. පී. එදිරිසිංහ පීඑස්සී විසින් යුද්ධ හමුදා සංස්කෘතිය සහ ආචාර ධර්ම පිළිබඳ දේශනය පවත්වනු ලැබු අතර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අනෙකුත් දේශන පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා ගැමුණු හේවා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.