17th May 2023 06:33:11 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කනිෂ්ඨ නිලධාරීන් සඳහා 2023 මැයි මස 9 දින සිට 13 දින දක්වා අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘දැනුම, ආකල්ප, යුතුකම් සහ වෘත්තීයභාවය’ පිළිබඳ දින පහක දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම වැඩමුළුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.ජී තිබ්බොටුගේ ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.
වැඩමුළුව සඳහා කනිෂ්ඨ නිලධාරීන් 29 දෙනෙකු සහභාගී වූ අතර එම නිලධාරීන් වෙත රෙජිමේන්තු ඉතිහාසය, සටන් ඇගයීම් ක්‍රියාවලිය, ජාත්‍යන්තර සබඳතා, ඒකක පරිපාලනය, ගෙවීම් සහ වාර්තා, සාමූහිකත්වය ගොඩනැගීමේ ක්‍රියාකාරකම්, හමුදා ආචාර ධර්ම පිළිබඳ තම දැනුම වර්ධනය කරගැනීමට අවස්ථාව උදාවිය.
වැඩමුළුවේ සමාප්ති දේශනය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් විසින් සිදුකරන ලැබූ අතර එම අවස්ථාව සඳහා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් ද සහභාගී වූහ.