05th June 2023 19:18:00 Hours
පොල්හේන්ගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද ‘XJ900p’ කාණ්ඩයේ යතුරුපැදි හැසිරවීම සහ යතුරුපැදි රාජකාරිය සිදුකිරීම පිළිබඳ පස්දින වැඩමුළුවක් මැයි මස 29 දින සිට ජූනි මස 02 දින දක්වා පොලිස් හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලද අතර, ඒ සඳහා තෝරාගත් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
වැඩමුළුව යුද්ධ හමුදා පොලිස් හේවා බලකයේ බලකාධිපති සහ යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත එම මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ආර් අබේසිංහ ගේ අධීක්‍ෂණය යටතේ ආරම්භ කරන ලදී.
වැඩමුළුව සඳහා නිලධාරීන් 05 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 37 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී ‘XJ900p’ කාණ්ඩයේ යතුරුපැදි හැසිරවීම, මෝටර් රථ රාජකාරි පිළිබඳව අවබෝධයක් ලබාගනිමින් ඔවුන්ට තම දැනුම වැඩි දියුණු කරගැනීමට ද අවස්ථාවක් උදාවිය.
වැඩමුළුවේ සමාප්ති දේශනය සිකුරාදා (02) දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ බ්‍රිගේඩියර් ඒ.එම්.ආර් අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා පොලිස් හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය පවත්වන ලද අතර, අනතුරුව එතුමන් වැඩමුළුව සඳහා සහභාගී වූවන් වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී.