30th March 2023 23:02:21 Hours
යුද්ධ හමුදා භටපිරිස් සහ ප්‍රදේශවාසීන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 54 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 541 වන පාබල බලසේනාවට අයත් 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සිය බලප්‍රදේශයේ සිවිල් පා පන්දු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පසුගිය ඉරිදා (මාර්තු මස 26) දින කත්තලම්පිඩ්ඩි ක්‍රීඩා පිටියේදී සුහද පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.
මෙම තරඟාවලිය සඳහා ඉලුප්පුකඩවායි, අන්තෝනිපුරම් සහ කල්ලියඩි යන ප්‍රදේශ නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම් 4 ක් සහභාගී වූහ. තරඟාවලියේ අවසන් මහා තරඟයට අන්තෝනිපුරම් ‘ඒ’ සහ ‘බී’ කණ්ඩායම් තරඟවැදිණි. තියුණු තරඟයකින් අනතුරුව අන්තෝනිපුරම් ‘බී’ කණ්ඩායමට එරෙහිව ගෝල 1 - 0 ක් ලෙස අන්තෝනිපුරම් ‘ඒ’ කණ්ඩායම ශූරතාවලිය දිනාගත්තේය.
තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 541 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් වරුණ ගමගේ ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි මේජර් ඒ.ඒ.එස්. අමරතුංග ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශයේ ක්‍රිඩාලෝලීන් විශාල පිරිසක් සහභාගී වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහ 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ ගේ මඟපෙන්වීම මත මෙම තරඟාවලිය පැවැත්විණි.