07th March 2023 19:34:45 Hours
2 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව විසින් සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.එම්.එස්.පී. රත්නායක ගේ සහ එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්. වර්ණකුලසූරිය ගේ අධීක්ෂණය මත පෙබරවාරි මස 26 දින ත්‍රිකුණාමලය, 5 කණුව ප්රෙද්ශය් පිහිටි ‘රේවත’ ළමා නිවාසයේ නේවාසික දරු දැරියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
මෙම වැඩසටහනට සමගාමීව දෙමවුපියන් සහ භාරකරුවන් අහිමි එම දරු දැරියන් වෙත ත්‍යාග පාර්සල් පරිත්‍යාග කිරීම ද සිදුකෙරිණි. 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි. මෙම අවස්ථාවේදී ළමා නිවාසයේ නේවාසික දරු දැරියන් විසින් විනෝදාත්මක අංග කිහිපයක් ද ඉදිරිපත් කරන ලදී.