09th March 2023 20:07:39 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 643 වන පාබල බලසේනාවේ භටපිරිස් ආරක්‍ෂක අංශ සහ සිවිල් වැසියන් අතර පවතින සුහත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිවාස අවශ්‍යතා සහිත මුලතිව්, මුතියන්කට්ටුකුලම් ප්‍රදේශයේ වෙසෙන පවුලක් වෙත නව නිවසක් ඉදිකිරීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
643 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන වික්‍රමනායක ගේ පුද්ගලික මැදිහත්වීම මත එතුමන්ගේ මිතුරන් විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත නිවාසලාභී ජේ. අන්තෝනිදාස් (Mrs. J. Antonydas) මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම නව නිවස ඉදිකරදීම සඳහා කටයුතු කරනු ලැබීය. ඒ අනුව, මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා 64 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 643 වන පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සිය තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
මාර්තු මස 5 දින පැවති නව නිවස විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 643 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව 64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් නව නිවස විවෘත කර නිවාසලාභී ජේ. අන්තෝනිදාස් (Mrs. J. Antonydas) මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත නව නිවසේ යතුරු භාරදෙන ලදී. 64 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්, නිවාසලාභී පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.