06th March 2023 21:30:27 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයේ 142 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මෝදර මාතෘ නිවාසයේ කාර්යය මණ්ඩලයේ සහයෝගය ඇතිව, ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා සංවිධානය කළ ජංගම මාතෘ හා ළමා සායනයක් කැලණිය නදී විහාරයේ පසුගිය සිකුරාදා (03) දින පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න ගේ උපදෙස් මත 142 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ජයසිංහ ගේ අධීක්‍ෂණය යටතේ 7 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.එම්.සී.එම් දිසානායක සහ එම ඒකකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මෙම වැඩ සටහන පවත්වනු ලැබීය.
එම සායනයෙදී මව්වරුන්, ගර්භනී කාන්තාවන් 86 දෙනෙකු සහ ළමුන් 50 දෙනෙකු වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකු විසින් පරීක්‍ෂාවට ලක්කරන ලද අතර, මෝදර මාතෘ නිවාසයේ සහය කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ සහය ඇතිව 7 වන ගැමුණු හේවා බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම වැඩ සටහන සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.