Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd March 2023 17:50:08 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් සඳහා බෝට්ටු එන්ජින් පිළිබඳ පුහුණු පාඨමාවක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ තාක්‍ෂණික අංශයේ භටපිරිස් 20 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජනවාරි මස 09 දින සිට පෙබරවාරි මස 08 දක්වා ත්‍රිකුණාමලය නාවික ජැටියේදී ‘Outboard Motor’ (OBM) පාඨමාලාවක් පවත්වනු ලැබීය.

අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර ගේ උපදෙස් මත මෙම පාඨමාලාව සඳහා භටපිරිස් සහභාගී කරවන ලද අතර, එහිදී විවිධ මෙහෙයුම් සඳහා භාවිතා කරන යුද්ධ හමුදා බෝට්ටු නඩත්තු කිරීමේ වැදගත්කම, යාත්‍රා එන්ජින් අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම පිළිබඳව ප්‍රායෝගිකව දැනුම වැඩිදියුණු කර ගැනීමට මෙම පාඨමාලාව මගින් අවස්ථාව ලැබිණි.

බෝට්ටු එන්ජින් ක්‍රියාකාරීත්වය හඳුනාගැනීම, එන්ජින් නඩත්තුව සහ දෝශ හදුනාගෙන ඒවා යථාතත්ත්වයට පත් කිරීමේ ශිල්පීය ක්‍රම ඇතුළු වැදගත් කරුණු රැසක් මෙම පාඨමාලාවේදී භටපිරිස් දැනුවත් කරනු ලැබීය. පාඨමාලාව අතරතුර ඔවුන් වෙත විවිධ වර්ග වල බෝට්ටු එන්ජින් ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ද ලැබිණි.

පාඨමාලාව අවසන් කිරීමෙන් අනතුරුව එම පාඨමාලා සඳහා සහභාගී වූ භටපිරිස් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ දී පැවැත්විණි.

සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මාණ්ඩලික නිළධාරී ඉංජිනේරු පුහුණු ලුතිනන් කමාන්ඩර් චින්තක විජේසිංහ සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.