13th March 2023 18:30:02 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, සංවිධානය කරනු ලැබූ ‘අන්තර් සේනාංක පාපන්දු ශූරතාවලිය - 2023’ මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන පාබල සේනාංක ක්‍රීඩා පිටියේදී පෙබරවාරි මස 08 දින සිට මාර්තු මස 10 දින දක්වා පැවැත්විණි. තරඟාවලිය සඳහා පාපන්දු කණ්ඩායම් 07 ක් සහභාගී වූහ. තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය සිකුරාදා (10) දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
අවසන් මහා තරඟයේදී කුසලානය වෙනුවෙන් 56 වන සේනාංක කණ්ඩායම සහ 62 වන සේනාංක කණ්ඩායම තරඟවැදුණි. තියුණු තරඟයකින් අනතුරුව ගෝල 4 – 0 ක් වාර්ථා කරමින් 62 වන සේනාංක කණ්ඩායම ‘අන්තර් සේනාංක පාපන්දු ශූරතාවලිය - 2023’ හි ශූරතාවයට හිමිකම් කීහ. තරඟාවලිය සමාප්තියේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ජයග්‍රාහී කණ්ඩායම් වෙත කුසලාන සහ සහතිකපත් බෙදාදීමට කටයුතු කරනු ලැබූහ. ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කාරියවසම්, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක රණසිංහ, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.
තරඟාවලියේ දක්‍ෂතා දක්වමින් කුසලාන දිනාගත් කණ්ඩායම් සහ ක්‍රීඩකයින් පහතින් දැක්වේ:
ශූරතාවය - 62 වන පාබල සේනාංක කණ්ඩායම
අනුශූරතාවය - 56 වන පාබල සේනාංක කණ්ඩායම
දක්‍ෂතම ක්‍රීඩකයා - 62 වන පාබල සේනාංක කණ්ඩායමේ ලාන්ස් කෝප්‍රල් එස්.එස්.ඩී. හෙට්ටිආරච්චි
දක්‍ෂතම ගෝල රකින්නා - 62 වන පාබල සේනාංක කණ්ඩායමේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.එස්. රත්නායක