Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2023 20:20:57 Hours

84 වැනි වාර්ෂික ජාතික සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද 84 වැනි වාර්ෂික ජාතික සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් ශූරතාවලිය ගල්කිස්ස වෙරළ තීරයේ දී පිහිනුම් ක්‍රීඩා සමාජ කණ්ඩායම් 80 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට අධික සංඛ්‍යාවගේ සහභාගීත්වයෙන් මාර්තු 3 සහ 4 යන දිනයන්හිදී පැවැත්වීය.

මෙම ශූරතාව අඛණ්ඩව 6 වැනි වරටත් දිනා ගැනීමට යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර, එමිදී ඔවුන් පිරිමි අංශයේ ශූරතා කුසලානය, ආරක්‍ෂක සේවා කුසලානය, ඉහළම ලකුණු ලබාගනිමින් සමස්ත අභියෝගතා කුසලානය සහ හොඳම කේවල අංශයේ පිහිනුම් කුසලානය හිමිකර ගත්හ.

ලකුණු 86 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් විසින් ශූරතාව දිනාගත් අතර, ශාන්ත ජෝසප් විදුහල් පිහිනුම් කණ්ඩායම අනුශූරතාවයත් අම්බලන්ගොඩ දේවානන්ද විදුහල් පිහිනුම් ක්‍රීඩකයෝ තෙවැනි ස්ථානය හිමිකර ගත්හ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ උපදෙස් මත යුද්ධ හමුදාවේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 62 දෙනෙකු මෙම තරඟයට සහභාගි වූහ.

තරඟාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා පහත පරිදි වේ:

පිරිමි කණ්ඩායම

01 වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් බී.ඩී ෂෙහාන් - 2 වන (සෙව්) විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකාය

06 වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් T.H.K.S.I ටී.එච්.කේ.එස්.අයි ද සිල්වා - 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

08 වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.බී.එම්.එල් අබේරත්න - 2 වන (සෙව්) විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකාය

12 වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ආර්.බී.ඩී නිරෝෂණ - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

14 වන ස්ථානය - සාමාන්‍ය සෙබල අයි.එම් අබේරත්න - 2 වන (සෙව්) විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකාය

12 වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.එන් රණතුංග - 15 වන (සෙව්) ගජබා රෙජිමේන්තුව

19 වන ස්ථානය - සැරයන් ඩබ්ලිව් විමල් කුමාර - 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

22 වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එච්.ඒ.අයි.එම් හෙට්ටිආරච්චි - 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

23 වන ස්ථානය - මාණ්ඩලික සැරයන් T.M.C.L ටී.එම්.සී.එල් ජයසිංහ - 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

24 වන ස්ථානය - කෝප්‍රල් ජේ.එන් අස්සජි - 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

25 වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එච්.එල්.එච්.කේ කුමාර - 15 වන (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

කාන්තා කණ්ඩායම

25 වන ස්ථානය - කෝප්‍රල් පී.ජී.සී ජිනාදරී - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය