03rd March 2023 17:20:08 Hours
කින්නියා ‘BMS’ කණ්ඩායම සහ කින්නියා ‘Heaven Eleven’ කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟය පෙබරවාරි මස 26 වන දින පැවැත් වූ අතර, එහිදී ‘BMS’ කණ්ඩායම ශූරතාවයත්, ‘Heaven Eleven’ කණ්ඩායම අනුශූරතාවයත් හිමිකර ගත්හ. මෙම ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රදේශයේ ක්‍රිකට් කණ්ඩායම් 46 ක් සහභාගි වූහ.
ක්‍රිකට් තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා අදාල ප්‍රදේශයන්හි සියලුම රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතනයන්ගේ සහ තඹලමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන ප්‍රධානීන් විසින් කුසලාන සඳහා මුල්‍යමය අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.
යුද්ධ හමුදා සේවා බලකා තූර්ය වාදක කණ්ඩායම, 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ටයිකොන්ඩෝ කණ්ඩායම, සංස්කෘතික නර්තන කණ්ඩායම සහ තඹලගමුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් එක්කරන ලද අංගයන්ගෙන් මෙම උත්සව අවස්ථාව තවත් අලංකාරවත් කරන ලද අතර, උත්සවය සාර්ථකව පවත්වාගෙන යාමට තඹලගමුව, කොල්ලම් කුටිටම් විද්‍යාලයේ සිසු සිසුවියන් සමඟින් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඇතුළු ආචාර්ය මණ්ඩලය සිය සහයෝගය ලබා දුන්හ.
තඹලගමුව ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් ක්‍රීඩා තරඟාවලියේ අවසන් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි සහභාගී වූ අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් බී.එච්.එන්.ජයවික්‍රම, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම, 223 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පැරකුම්භා නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, මොරවැව පොලිස් අධිකාරී, 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, ආරාධිතයින් ඇතුළු ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාලෝලී ප්‍රේක්‍ෂකයින් විශාල පිරිසක් අවසන් මහා තරඟය නැරඹීම සඳහා පැමිණ සිටියහ.