18th March 2023 21:10:22 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් මඩකලපුව, කල්ලඩි ප්‍රදේශයේ ස්ථාපිත 231 වන පාබල බලසේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ සුභසාධක ජන අවන්හලක්, කරණවෑමිහලක් සහ දෛනික පුවත්පත් කියවීමේ මධ්‍යස්ථානයකින් සමන්විත සුභසාධක පහසුකම් සංකීර්ණය යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පසුගිය බදාදා (15) දින විවෘත කරනු ලැබීය.
231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් මෙම පහසුකම් සංකීර්ණය ඉදිකරනු ලැබූ අතර බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ සුරතින් පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කර නව පහසුකම් සංකීර්ණය භටපිරිස් වෙනුවෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා 231 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් ද සහභාගී වූහ.