Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2023 21:30:22 Hours

532 වන පාබල බලසේනාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ‘ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානයට’ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

532 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මේදංක අල්විස් ගේ ඉල්ලීමකට අනුව ‘යුතුකම’ පුණ්‍යායතනය සහ කොළඹ ප්‍රදේශයේ වෙසෙන දානපති ගයා මීවැල්ල මහත්මිය ඒකාබද්ධව ලබාදුන් අනුග්‍රාහකත්වය මත 1 වන බලකා මූලස්ථානය යටතේ ස්ථාපිත 53 වන පාබල සේනාංකයට අයත් 532 වන පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය දා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පිහිටි ‘ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානය’ වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

මාර්තු මස 8 දින ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහනේදී එම මධ්‍යස්ථානයේ නේවාසික ළමුන් වෙනුවෙන් රෝද පුටු, මදුරු දැල්, පාවහන්, මුළුතැන්ගෙයි උපකරණ සහ වියළි ආහාර පරිත්‍යාග කෙරිණි. එම භාණ්ඩවල අවශ්‍යතාවය පිළිබඳ ‘ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ’ පරිපාලන නිලධාරින් විසින් 532 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් දැනුවත් කර තිබිණි. මෙම අවස්ථාව සඳහා 532 වන පාබල බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු සහභාගි වූහ.