22nd March 2023 09:46:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයට අයත් 573 වන පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් කිලිනොච්චිය භාරතීපුරම් විද්‍යාලයේ ඉගෙනුම ලබන විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිසුන් 50 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මාර්තු මස 17 වන දින 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී. අත්තනගල්ල රජමහා විහාරවාසී බුකැන්දයායේ චන්දරතන හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් ‘ලක්දරු යාත්‍රාව‘ ව්‍යාපෘතිය මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය ලබා දුන්හ.
573 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රමිත් ප්‍රසන්න සහ 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ භටපිරිස් පාසල් උපකරණ බෙදාදීමේ කටයුතු සඳහා සහයෝගය ලබා දුන්හ. පරිත්‍යාගශීලීන්ගේ සහ 573 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ ආරාධනයෙන් ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම අවස්ථාව සඳහා 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, භාරතීපුරම් විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ 573 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් සහභාගී වූහ.