Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2023 21:25:06 Hours

‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ යාපනයේ භටපිරිස් දැනුවත් කෙරේ

‘මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍යය වලින් වැළකීම’ සම්බන්ධයෙන් යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ දේශනයක් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය ඉරිදා (මාර්තු මස 19) දින පැවැත්විණි. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ මඟපෙන්වීම යටතේ මෙම දේශනය පැවැත්විණි. කටුනායක ගුවන් තොටුපළ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.කේ. රුවන් කුමාර සහ පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශ පුහුණු අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එන්.එම්. ලක්‍ෂ්මන් එදිරිමාන්න ගේ ප්‍රධානත්වයෙන් පැය 8 ක් පුරාවට පැවති දේශනය සඳහා යුද්ධ හමුදා නිලධාරින් 27 දෙනෙකු සහ සෙසුනිලයන් 300 දෙනෙකු සහභාගී වූහ.

දේශනය සමාප්තියේ, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් නිලන්ත විජේසිංහ දේශකයන් වෙත ඇගයීම් සංකේත ප්‍රදානය කරන ලදී. එම දේශන සැසිය පසුදින (මාර්තු මස 20) 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ උපදෙස් මත එම සේනාංක පරිශ්‍රයේදී ද පැවැත්වීය. ඒ සඳහා නිලධාරින් 29 දෙනෙකු සහ සෙසුනිලයන් 410 දෙනෙකු සහභාගී වූහ. මෙම දේශනයන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.