26th March 2023 21:57:53 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන පාබල සේනාංකයට අයත් 661 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් අතර සුහදතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරඟයක් පසුගිය බදාදා (22) දින පල්ලිකුඩා හි පිහිටි එම රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය. එහිදී, 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම සහ මුලතිව්, පල්ලිකුඩා, කලෙඕලි ක්‍රීඩා සමාජ ක්‍රිකට් කණ්ඩායම තරඟවැදිණි.
තියුණු මුහුණුවරක් ගත් මෙම ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූ අතර, එහිදී පල්ලිකුඩා කලෙඕලි ක්‍රීඩා සමාජ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 135 ක් ලබාගත් 5 වන (සෙව්) යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායමට තරඟයේ ජය හිමි විය. ක්‍රීඩා තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් ජයවර්ධන ගේ සුරතින් තරඟයේ ජයග්‍රාහකයන්ට හිමි කුසලාන ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාවට 661 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති කර්නල් නලින් සෙනෙවිරත්න ද සහභාගී විය. ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් සහභාගී වූහ.