Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2023 23:41:56 Hours

පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් ‘මත් උවදුර’ සම්බන්ධයෙන් දැනුවත් කෙරේ

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ මඟපෙන්වීම සහ 68 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි ගේ අධීක්‍ෂණය මත පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 500 දෙනෙකු වෙනුවෙන් ‘මත් උවදුර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ ඉන් වැළකීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 මාර්තු මස 22 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්‍ෂතුමන් ප්‍රමුඛ තවත් නිලධාරීන් සිව්දෙනෙකු විසින් හරවත් දේශන පවත්වමින් මෙම වැඩසටහනේදී භටපිරිස් දැනුවත් කිරීමේ කටයුතු සිදුකරන ලදී. 682 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් පාසල් හා අධ්‍යාපන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා 68 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 682 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, අණදෙන නිලධාරීන්, මුලතිව් කොට්ඨාශ හා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුවරුන් සහ සිසු සිසුවියන් සහභාගී වූහ.