29th March 2023 19:10:20 Hours
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) පසුගිය බදාදා (29) දින ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි සංචාරයක නිරත වූයේය.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙත සපැමිණි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් එම මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ හමුවිය.
මෙම හමුවේදී ආරක්ෂාව, ප්‍රජා සංවර්ධනය, සිවිල්-හමුදා සහයෝගීතාව, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම යනාදිය කෙරෙහි අවධානය යොමු කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි කාර්යභාරය පිළිබඳව අදහස් හුවමාරු කරගන්නා ලදී.
මෙම සුහද හමුවෙන් අනතුරුව, ආරක්ෂක උපදේශකවරයා විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවකින් පසු සුහද හමුව සමාප්ත විය.