දානපති විශ්ව උදාර අලහරුවන් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 23 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 233 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් වැලිකන්ද ප්‍රදේශයේ කොලකනවාඩිය ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.
2023 අප්‍රේල් මස 10 දින පැවති නව නිවස විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
නව නිවස විවෘත කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වැලිකන්ද, කොලකනවාඩිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. රවීන්ද්‍ර මහතා ඇතුළු දරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ සාමාජිකයන් වෙත නව නිවසේ යතුරු භාරදුන්නේය.
උත්සවය සමාප්තියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රතිලාභීන් වෙත ගෘහ භාණ්ඩ, වියළි ආහාර සලාක පාර්සල් සහ පාසල් උපකරණ පරිත්‍යාගයක් ද සිදුකළේය.
එම පවුලේ අවශ්‍යතාවයන් පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ඉල්ලීමකට අනුව ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණය මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
233 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.කේ හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්.අයි.එස් චන්ද්‍රකුමාර යූඑස්පී පීඑස්සී අයිජී ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.
මෙම අවස්ථාව සඳහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනුග්‍රාහක භවතුන් නියෝජනය කරමින් ඔවුන්ගේ සම්බන්ධීකාරක ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා සහ ප්‍රතිලාභීන්ගේ ඥාතීන් ද සහභාගී වූහ.