ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 6 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව කායන්කර්නි ගම්මානයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් වෙත පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය මත රුපියල් 4000/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 23 ක් පසුගිය සෙනසුරාදා (15) දින ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් බෙදාදෙනු ලැබීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව කපිල ප්‍රභාත් ජයසේකර මහතා සහ සිය පවුලේ සාමාජිකයන් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සිය අනුග්‍රාහකත්වය දැක්වූහ. ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර සහ 6 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතියේ සංවිධාන කටයුතු සිදුකරන ලදී.