02nd April 2023 22:18:40 Hours
යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ප්‍රදර්ශනය කරමින් දින තුනක් පුරා පැවති ‘58 වන යුද්ධ හමුදා මළල ක්‍රීඩා ශූරතාවලිය’ පසුගිය සිකුරාදා (මාර්තු මස 31) දින අවසන් විය. ජාතික හා යුද්ධ හමුදා වාර්තා රැසක් අලුත්වුණු මෙම මළල ක්‍රීඩා උළෙලේ ශූරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ක්‍රීඩකයින් දිනාගත්හ.
මෙම මළල ක්‍රීඩා උළෙල යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මාර්තු මස 29 දින සිට 31 දින දක්වා පැවැත්විණි. මෙම තරඟාවලියේදී නව ජාතික වාර්තා 04ක් සහ යුද්ධ හමුදා වාර්තා 08 ක් පිහිටුවිණි.
යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මඟපෙන්වීම සහ එම කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය මත යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව විසින් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.
තරඟාවලියේ සමාප්ති උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (31) දින පැවති අතර එහිදී යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්රදානය කළහ. තරඟාවලියේ දී එක් එක් රෙජිමේන්තු විසින් රැස්කළ ලකුණු සංඛ්‍යාවන් සහ ලබාගත් ස්ථාන පහතින් දැක්වේ:
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය - ලකුණු 292
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - ලකුණු 242
තෙවන ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාව - ලකුණු 138
සිව්වන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය - ලකුණු 96
පස්වන ස්ථානය - ගැමුණු හේවා බලකාය - ලකුණු 83
හයවන ස්ථානය - ගජබා රෙජිමේන්තුව - ලකුණු 27
හත්වන ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - ලකුණු 18
හත්වන ස්ථානය - ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව - ලකුණු 18
නවවන ස්ථානය - ශ්‍රී ලංකා සංඥා බලකාය - ලකුණු 12
දසවන ස්ථානය - විජයබාහු පාබල රෙජිමේන්තුව - ලකුණු 6
එකොලොස්වන ස්ථානය - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය - ලකුණු 5
දොලොස්වන ස්ථානය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය - ලකුණු 2