Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2023 08:40:25 Hours

යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු පැසිපන්දු කණ්ඩායමට නව ක්‍රීඩකයින් තෝරාගැනේ

යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු පැසිපන්දු කණ්ඩායමට නවක සාමාජිකයින් තෝරා ගැනීමේ අරමුණින් එම රෙජිමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් බලකා අන්තර් ඒකක පැසිපන්දු තරඟාවලිය - 2023’ එම රෙජිමේන්තු මූලස්ථාන පැසිපන්දු පිටියේදී මාර්තු මස 30 (බ්‍රහස්පතින්දා) දින පැවැත්විණි.

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් ගේ උපදෙස් මත මෙම පැසිපන්දු තරඟාවලිය සංවිධානය කරනු ලැබිණි.

තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟයන් 2023 මාර්තු මස 20 සහ 21 දෙදින තුළ පැවැත්වුණු අතර, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ ‘ඒ’ කණ්ඩායම සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම අතර පැවති අවසන් තරඟයේදී 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා ලදී. මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් සහ දිරි දීමනා ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ භටපිරිස් විශාල පිරිසක් සහභාගී වූහ.