12th April 2023 21:50:30 Hours
4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් එම ඒකකයේ නිවාස අවශ්‍යතා ඇති සෙබළෙකු වෙත ‘උරුමයට ජීවයක්’ සහ ‘ඩිජිටල් 400’ යන සංවිධානයන්හි මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව බකමූණ ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර දෙන ලදී.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති සහ ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබීය.
4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 18 වන අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.පී.ඒ.එස්.ඒ විතාරණ සහ එම ඒකකයේ සියළුම නිලධාරීන්ගේ හා සෙසු නිලයින්ගේ මූල්‍ය දායකත්වයෙන් නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම මිලදී ගන්නා ලදී.
‘උරුමයට ජීවයක්’ සහ ‘ඩිජිටල් 400’ සංවිධානයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත සහ 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් නව නිවස ඉදිකරනු ලැබිණි.
පසුගිය වසරේ සිදුවූ අනතුරකින් නිවාස ලාභියා සහ ඔහුගේ භාර්යාව බරපතල තුවාල ලබා ඇති අතර, නිවාස ලාභියා මේ වන විට පාන්ගොල්ල ‘අභිමංසල 3’ සුවතා නිකේතනයේ ප්‍රතිකාර ලබයි.