Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th April 2023 07:50:10 Hours

අම්පාර සටන් පුහුණු පාසලේදී පවත්වනු ලැබූ ඉගැන්වීමේ ක්‍රම වේදය පාඨමාලා අංක - 64 සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේදී පවත්වනු ලැබූ ඉගැන්වීමේ ක්‍රම වේදය පාඨමාලා අංක - 64 හි සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (11) දින පැවැත්විණි.

යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසු නිලයන් 189 සහභාගී වූ මෙම පාඨමාලාව මාසයක කාලයක් පැවති අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබල පී.වී.පී.ඩබ්ලිව් කුමාර සම්මාන ලැබීය.