Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2023 19:27:22 Hours

පාසල් සිසුන්ගේ අධ්‍යයන කඳවුරට යුද්ධ හමුදා භට පිරිස්වල සහය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 පාබල සේනාංකයට අයත් 622 පාබල බලසේනාවේ භටපිරිස් 2023 අප්‍රේල් මස 7 සිට 9 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා යොවුන් ගවේෂණ චාරිකාව ලෙස නම් කරන ලද පාසල් හයක වාර්ෂික ඒකාබද්ධ අධ්‍යයන කඳවුරු ව්‍යාපෘතිය සඳහා සහයෝගය සහ අවශ්‍ය පහසුකම් සපයන ලදී.

කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලය, කොළඹ විශාඛා විද්‍යාලය, කෑගල්ල පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සහ අංකුඹුර වේළුවන මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 147 දෙනෙකුගෙන් සහ සංවිධායක කමිටු සාමාජිකයින් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, කොච්චියාගල රක්‍ෂිතයේ ජෛව විවිධත්වය ගවේෂණය කිරීමේ අරමුණින් දින 3ක් පුරා පැවති අධ්‍යයන කඳවුරට සහභාගී වූහ.

62 පාබල බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 623 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බී. ඩී. ආර්. බුදාගොඩ යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ 5 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩී. එස්. වයි. එල්. කුරුවිට ගේ අණ පරිදි එම ඒකකයේ භටපිරිස් 17 දෙනෙකු ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ආරක්‍ෂාව සපයන ලදී.