Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st April 2023 21:38:47 Hours

2 ගජබා රෙජිමේන්තුවේ පැවැති ‘ඉෆ්තාර්’ උත්සවයට ත්‍රිකුණාමලයේ මුස්ලිම් ජනතාවට ආරාධනා

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සියලුම ජනවාර්ගික ප්‍රජාවන් අතර සිවිල්-හමුදා සහයෝගීතාවය වර්ධනය කිරීම සහ සුහදතාවය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිරට අයත් 22 පාබල සේනාංකයේ 221 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මුස්ලිම්වරුන්ගේ උපවාසය අත්හැරීම හෙවත් ‘ඉෆ්තාර්’ චාරිත්‍රය ඉටු කිරීමේ උත්සවය වෙනුවෙන් ආහාරපාන ලබාදෙමින් දායකත්වය දැක්වීය.

යුද්ධ හමුදා භටපිරිස් ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ පදිංචිව සිටි තෝරාගත් මුස්ලිම් ජාතිකයන් 50 දෙනෙකුන්ට 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවට ආරාධනා කිරීමෙන් පසුව, ‘ඉෆ්තාර්’ ආගමික වතාවත් ඉටුකළේය. මෙම උත්සවය අප්‍රේල් මස 18 වන දින පවත්වන ලදී.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දුන් අතර, 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්. වර්ණකුලසූරිය විසින් අධීක්‍ෂණය කර සංවිධානය කරන ලදී.