28th April 2023 18:42:53 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා, නාවික සහ ගුවන් හමුදා රග්බි කණ්ඩායම් සමඟ අප්‍රේල් මස 19 සිට අප්‍රේල් මස 26 දින දක්වා පුහුණු සැසියකට සහභාගි වූ සංචාරක ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම පුහුණු සැසිය සමාප්තියේ පසුගිය සඳුදා (අප්‍රේල් මස 24) දින රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී ආරක්‍ෂක සේවා රග්බි කණ්ඩායම සමඟ සුහද රග්බි තරඟයක් පැවැත්වූහ.
එම තරඟය සමාප්තියේ ලකුණු 30 ට 31 ක් ලෙස තරඟයේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට ආරක්‍ෂක සේවා රග්බි කණ්ඩායම සමත්වූහ. එම තරඟය සඳහා යුද්ධ, නාවික හා ගුවන් හමුදා රග්බි ක්‍රීඩකයින් 08 දෙනෙකු ද තරඟවැදිණි.
මෙම සුහද තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති සහ ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහභාගි වූ අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් විකාස් සූඩ් (Captain Vikas Sood), ආරක්‍ෂක සේවා රග්බි කණ්ඩායමේ කළමනාකාර බ්‍රිගේඩියර් බී.කේ. අලුදෙණිය ආර්ඩබ්ලිව්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් තරඟය නැරඹීම සඳහා සහභාගී වූහ.