28th April 2023 19:04:22 Hours
වල්ලිපුනම්, ඉද්දක්කාට්ටු ප්‍රදේශයේ දෙමාපියන් සහ සිවිල් වැසියන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයට අයත් 681 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඉද්දක්කාට්ටු පාසලේ පන්ති කාමරවල පවතින තදබදය අවම කිරීම සඳහා අමතර පන්ති කාමරයක් ඉදිකරනු ලැබීය.
සමාජ සේවා ක්‍රියාකාරිනියක වන වෛද්‍ය ශිරන්ති වික්‍රමනායක මහත්මිය විසින් ලබාදුන් රුපියල් මිලියනයක මුල්‍ය අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් එම පන්ති කාමරයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
නව පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවය පසුගිය බදාදා (අප්‍රේල් මස 19) දින බිලිවර්ස් ඊස්ටර්ට් චර්ච් කොළඹ දියෝනසීය භාර අගරදගුරු ගෞරවනීය ශ්‍රී වර්ගීස් මෝර් මකාරියෝස් අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාව සඳහා දානපති වෛද්‍ය ශිරන්ති වික්‍රමනායක මහත්මිය, 681 පාබල බලසේනාවේ බලසේනාධිපති, 68 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 6 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, ගුරු භවතුන්, දරු දැරියන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී වූහ.