Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th June 2023 18:36:24 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් වීරවිල ප්‍රදේශයේ ඉදිකළ නව නිවාඩු නිකේතනය විවෘත කෙරේ

වීරවිල වැව අභියස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘The Repose’ නිවාඩු නිකේතනය ජුනි මස 02 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සුරතින් විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ සුබසාධන ව්‍යාපෘතීන්හි තවත් එක් අදියරක් ලෙස භටපිරිස් විසින් මෙම නිවාඩු නිකේතනය ඉදිකරන ලදී.

මෙම නිවාඩු නිකේතනය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.