09th June 2023 19:17:36 Hours
1 බලකාය යටතේ ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 පාබල සේනාංක බලප්‍රදේශයේ ඉදිකරන ලද වායු රයිෆල් වෙඩිපිටිය සහ ප්‍රදේශවාසීන්ගේ අභිවෘද්ධිය සඳහා ඉදිකළ ළමා උද්‍යානය පසුගිය අඟහරුවාදා (මැයි මස 30) දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ සංකල්පයකට අනුව හබරණ, දිගම්පතහ සහ ඉනාමළුව ප්‍රදේශවල පදිංචි ප්‍රදේශවාසීන්ට ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් සිවිල්-හමුදා සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතීන් ආරම්භ කරන ලදී. ළමා උද්‍යානය සඳහා අවශ්‍ය මූල්‍ය ආධාරවලින් කොටසක් 53 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සම්බන්ධීකරණයෙන් පරිත්‍යාගශිලියෙකු විසින් ලබාදෙන ලදී.
දිගම්පතහ කිඩ්ස් වර්ල්ඩ් පෙර පාසලේ ළමුන් 90 දෙනෙකු තම ගුරුවරුන් සමඟ ළමා උද්‍යානය විවෘත කිරීම සඳහා පැමිණි සිටි අතර ශ්‍රී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඔවුන් වෙත චොකලට් සහ පළතුරු බීම බෙදාදෙන ලදී. මීට අමතරව, 53 පාබල සේනාංකයේ භටපිරිස් විසින් එම දරුවන්ට රසවත් කෙටි ආහාර සහ තේ පැන් සංග්‍රහයක් ද පිරිනැමූහ.
මෙම අවස්ථාව සඳහා 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිමාලි රත්නායක මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.