Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2023 22:13:54 Hours

54 සේනාංක මූලස්ථානයේදී මනෝවිද්‍යාත්මන වැඩසටහනක් පැවැත්වේ

කොළඹ යුද්ධ හමුදා රෝහලේ මනෝවිද්‍යා උපදේශක‍ බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොණරාගල යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් මස 25 දින සිට 27 දින දක්වා කාලය තුළ 54 පාබල සේනාංකයේ සේවයේ නියුතු සියලු නිලයන් වෙනුවෙන් මනෝවිද්‍යාත්මන වැඩසටහනක් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීය. ඒ සඳහා කොළඹ යුද්ධ හමුදා රෝහලේ කපිතන් එස්.එම්.පී.කේ. සමරකෝන්, කපිතන් එච්.ජී.එන්. දේශප්‍රිය සහ බළලත් නිලධාරි I ඒ.කේ.ඩබ්ලිව්.කේ. අබේවර්ධන ද සහභාගි විය.

උපදේශක මණ්ඩලය වෙතින් මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සියලු නිලයන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ මානසික ආතතියන්ට ගත හැකි විසඳුම්, කාල කළමණාකරණය, මානසික ඒකාග්‍රතාවය, පුද්ගලික පවුල් ගැටළු සහ අනෙකුත් පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ යෝජනාවකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා එම සේනාංකයේ නිලධාරින් 17 දෙනෙක් සහ සෙසුනිලයන් 05 දෙනෙකු සිය දායකත්වය දැක්වූහ. එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී බලඇණි, බලසේනා සහ 54 පාබල සේනාංක මූලස්ථානය සඳහා වෙන වෙනම ‘උපදේශන කුටි’ පිහිටුවා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයන් උපදේශණ කුටි වලට යොමුකිරීමට ප්‍රථම රෝග අධ්‍යයනය, මානසික ස්ථායීකරණ සැසි සහ සිතුවිලි අධ්‍යනය පිළිබඳ සාකච්ඡාවන් ද පැවැත්වීය.