Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අපගේ ඉතිහාසය

පූර්ව යටත් විජිත යුගය

බු. ව. 500 පමණ ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ සලකා බැලීමේදී සිංහලයන් මුලින්ම සංක්‍රමණය වූයේ උතුරු ඉන්දියාවෙනි. සියලු ඉඩම් රජුන් සතු විය. නමුත් රජුට සේවය කළ බොහෝ දෙනෙක් ඉඩම අල්ලාගෙන සිටියහ. සිංහල හා දෙමළ වැසියන් සිටියද බහු වාර්ගික රටක් වූ අතර ඔවුනතර සමඟිය පැවතිණි. ක්‍රි.ව. 5 සහ 6 වැනි සියවස්වල පමණ සිට දකුණු ඉන්දීය ප්‍රාන්තවල පාණ්ඩ්‍ය, පල්ලව, ඩේර සහ චෝල යන ආක්‍රමණිකයින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට තැත්කර ඇත. ක්‍රි.පූ 543 දි පමණ ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළ තීරයට තම අනුගාමිකයින් සමඟ ගොඩබසින උතුරු ඉන්දියාවේ කුමාරයෙකු වූ විජයගේ ආගමනයත් සමඟ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම යුද කටයුතු සනිටුහන් වේ.

රාක්‍ෂවරුන්ගේ රැජින වූ කුවේණියට ඇය විසින් අභිරහස් ලෙස අස්ථානගත කළ මිනිසුන් යථා තත්ත්වයට පත්කරන ලෙස විජය බලකරන ලද අතර එහිදී ඔවුන්ගේ විරුද්ධවාදීන් පරාජය කරන ලදී. දකුණු ඉන්දියානුවන් විශේෂයෙන් චෝලයන් විසින් ශ්‍රී ලංකා භූමියට නැවත නැවතත් ආක්‍රමණය කිරීම සටන් ඇතිවීමට හේතුවිය. දුටුගැමුණු රජු (ක්‍රි.පූ 200) චෝලයෙකු වූ එලාර රජුට එරෙහි සටනේදී 11000 කින් යුත් සේනාවක් රැස් කළ බව වාර්ථා වේ. දුටුගැමුණු රජුගේ සංවිධානාත්මක කුසලතාව, නිර්භීතභාවය හා වීරත්වය සබැඳිව ප්‍රසිද්ධ වන අතර ඔහුගේ සටන් විදේශ සතුරෙකුට එරෙහි විශිෂ්ඨ ප්‍රහාරක මෙහෙයුම් ලෙස ඉතිහාසයට එක්වී ඇත. ගජබාහු රජු (ක්‍රි.පූ 113) ඔහුගේ අල්ලාගත් සෙබලුන් ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවට යාත්‍රා කරන ලදී. ධාතුසේන රජු (ක්‍රි.ව 433) ඉන්දියානු ආක්‍රමණ මැඩපැවැත්වීම සහ විශේෂයෙන්ම මුහුදු ප්‍රහාර වැළැක්වීම සඳහා නාවික හමුදාවක් සංවිධානය කිරීම සබැඳිව ගෞරවයට පාත්‍ර වේ. ආරක්‍ෂාව තර කිරීම සඳහා කාලතුවක්කු යොදා ආවරණය කිරීමෙන් ඔහුගේ දූරදර්ශීභාවය පිළිබිඹු වේ. විජයබාහු රජු (ක්‍රි.ව 1001) යනු ආක්‍රමණිකයන් පළවා හැර දැමූ තවත් රණශූර රජෙකි. මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව 1153) ශ්‍රී ලංකා ඉතිහාසයේ පොළොන්නරු යුගයේ කැපී පෙනෙන චරිතයක් වූ අතර හමුදා නායකයෙකු සහ විශිෂ්ඨ නායකයෙකු ලෙස ඔහු කළ විජයග්‍රහණය සැලකිය යුතුය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ආරම්භය - 1881 අප්‍රේල් 01 වැනිදා

දැක්ම - වෘත්තීයභාවය, විශ්වසනීයත්වය සහ ගෞරවය තුළින් ජයග්‍රාහී හමුදාවක්

මූලස්ථානය - යුද්ධ හමුදා මූලස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ

සංවත්සර දිනය - ඔක්තොම්බර් 10


ඔහුගේ රාජ්‍ය සමයේදී ඔහුගේ දූතයන්ට සිදුකරන ලද අගෞරවයන් හා අලි වෙළඳාමට මැදිහත්වීම සඳහා පළිගැනීමක් ලෙස බුරුමයට (මියන්මාරයට) හමුදා ගවේෂණයන් සිදුකරන ලදී. පරාක්‍රමබාහුගේ කීර්තිය කෙබඳුද යත්, අරගලවලට සම්බන්ධ වූ දකුණු ඉන්දීය පාලකයන් ද ඔහුගෙන් ආධාර ඉල්ලා සිටියේය. පූර්ව යටත් විජිත යුගයේ සිටි තවත් ප්‍රබල පාලකයෙකු වූයේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර සිට මුලු දිවයිනම පාලනය කළ VI වන පරාක්‍රමබාහු ය. අභිලේඛන වාර්ථා අනුව අප පාලකයන් සතුව පූර්ණ කාලීන ස්ථාවර හමුදාවක් සිටින බවත් නොපෙනෙන්වන මුත් රාජකීය අධිකාරිය සනිටුහන් කිරීම සඳහා අශ්වාරෝහක, අලි ඇතුන් සිටින බවට ජනප්‍රවාදයන්ගෙන් කියැවෙන නම, තනතුරු, ස්ථානයන්ගෙන් සනාථ වේ. අවශ්‍යතාවය මත ඇතිකරගත් සිවිල් අයවළුන්ගෙන් සමන්විත හමුදාවක් ඇතිකරන ලද අතර ඔවුන් හමුදා රාජකාරියෙන් පසු ප්‍රධාන වශයෙන් ගොවිතැන සඳහා ආපසු යවන ලදී.

යටත් විජිත යුගය

යුරෝපීයයන්ට ඔවුන්ටම තිබූ යාත්‍රා කිරීමේ හැකියාව හේතුවෙන් මුහුදු බලය අඩු ජාතීන් යටත්කර ගැනීමට හැකි විය.පෘතුග්‍රීසි ආක්‍රමණිකයන් සමඟ හමුදා ක්‍ෂේත්‍රෙය් සැලකිය යුතු වර්ධනයන් දෙදක් සිදුවිය. ප්‍රථමයෙන් විද්‍යාබණ්ඩාර,මායාදුන්නේ,රාජසිංහ සහ විමලධර්ම වැනි හමුදාධිපතිවරුන් මහජනතාවගෙන් ඇති වන ප්‍රථිරෝධීතාවක් ලෙස ‘ලස්කොරින්‘ සහ ‘මිලිෂියා‘ යන සටන්කාමී අංගයන් සංවිධානය කලහ. එහෙත් විදේශ බලවේගයන්ට දැඩි ප්‍රථිරෝධයක් ගොඩනගා ගත් අතර, ඒ ඇසුරින් ඔවුන් අතර, කණ්ඩායම් හැගීම්, මිත්‍රත්වය වර්ධනය විය. මෙම කාල සීමාව තුල අවි නිශ්පාදනය ආරම්භ කලබව වාර්ථා වේ. ලැස්කොරින් විසින් භාවිතා කරන ලද ආයුධවලට සම්ප්‍රදායික දුනු ඊතල, කඩු හෙල්ල පමණක් නොව දේශීයව වශයෙන් මස්කට් අවිද නිර්මාණය විය.

අවුන්ස හතරේ සිට දොළහ දක්වා බරැති බෝලයක් විසි කළ හැකි 'ජිංගල්ස්' ආකාරයෙන් කාලතුවක්කු ද දේශීයව නිෂ්පාදනය කර බලකොටුවලට එරෙහිව භාවිතා කරන ලදී. අවි ආයුධවල සූක්ෂම බව එකල විශිෂ්ට වූ අතර එය විදේශීය පාලකයන්ට එරෙහිව සටන් කළ සිංහල හමුදාවන්ගේ පරිණතභාවයේ සලකුණක් විය. ශ්‍රී ලංකාවට බලකොටු හඳුන්වාදීමේ ගෞරවය ද පෘතුගීසීන්ට හිමිවේ. මෙම යුගයේ දී, ශ්‍රී ලංකාවේම හමුදාවන් ඔවුන්ගේ මාතෘභූමිය ආරක්ෂා කිරීම සඳහා වර්ධනය වූ අතර, පෘතුගීසි හමුදාවන්හි ප්‍රාදේශීය වැසියන්ගේ රැකියා පිළිබඳ කිසිදු හැගීමක් නොමැති විය. පෘතුගීසීන් මෙන්ම ලන්දේසීන් ද මෙරට මුහුදු ප්‍රදේශවලට සීමා විය. ඔවුන්ගේ ප්‍රවේශය පෘතුගීසි ආක්‍රමණයට විකල්පයක් ලෙස ප්‍රදේශවාසීන් විසින් සලකනු ලැබූ නමුත් කාලය ගත වීමත් සමග සහ පාලකයන් අතර ඇතිවූ කුමන්ත්‍රණ සමඟ අතෘප්තිමත් භාවය වර්ධනය විය. ප්‍රාදේශීය පාලකයන් ලන්දේසීන්ට එරෙහිව බ්‍රිතාන්‍යයන්ගෙන් ආධාර ඉල්ලා සිටින ලදී. ලන්දේසීන් තම හමුදාවන්හි ප්‍රදේශවාසීන් සේවයේ යොදවා නොගත් අතර වෙළෙඳ හා වාණිජ්‍ය පිළිබඳ ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරමින් හුදෙකලාවේ ජීවත් වීමට කැමැත්තක් දැක්වූ අතර ස්විස් සහ මැලේ කුලී හේවායන් ද ඇතුළත් ඔවුන්ගේම හමුදාවන් සමඟින් ඔවුන්ගේ බලකොටු ආරක්ෂා කළහ. යාපනය, ගාල්ල, මාතර, මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ ලන්දේසි බලකොටු ශක්තිමත් ලෙස ඉදිකරන ලදී. කොළඹ කොටුව බි‍්‍රතාන්‍ය යුගයේදී විනාශ විය.

බ්‍රිතාන්‍ය ආක්‍රමණයේ පළමු අර්ධ ශත වර්ෂය තුළ විශේෂයෙන්ම උඩරට රාජධානිය ඇතිවීමෙන් පසු කැරලි සහ කුමන්ත්‍රණ ඇති විය. උඩරට හමුදා ගරිල්ලා සටන් ක්‍රමවලට යොමු වූ අතර බ්‍රිතාන්‍යයන්ගේ වඩා හොඳ සන්නද්ධ හමුදාවකට එරෙහිව ඔවුන්ගේ ගැටුමේදී තරමක් සාර්ථක විය. මුලදී බ්‍රිතාන්‍යයන්ට දිවයිනේ ආරක්ෂාව සඳහා නාවික යාත්‍රා, කාලතුවක්කු භටයන් සහ පාබල හමුදාව ඇතුළත් ඔවුන්ගේම හමුදා සිටියහ. ඔවුන්ගේ මූලස්ථානය ත්‍රිකුණාමලයේ පිහිටු විය. 1796 දී, ලන්දේසි සේවයේ සිටි ස්විට්සර්ලන්ත සහ මැලේ ජාතිකයන් කුලී හේවායන් වූ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය සමාගමට මාරු කරන ලදී.මැලේවරුන් මුලින් මැලේ බළකායක් ලෙසත් පසුව 1802 දී බ්‍රිතාන්‍ය අණදෙන නිලධාරියකු යටතේ පළමු ලංකා රෙජිමේන්තුව ලෙසත් පිහිටුවන ලදී. එම වසරේම 'සිංහල' ඒකකයක් ඇති කර 2 වන ශී ලංකා රෙජිමේන්තුව ලෙස හඳුන්වනු ලැබූ අතර එය 'සිපොයි' බලකාය ලෙසද හදුන්වන ලදී. 1803 දී මොලුක්කානු ගෝත්‍රීකයන් සහ පෙනන් ජාතික ආධුණික සෙබළුන්ගෙන් යුක්තව 3 වන ලංකා රෙජිමේන්තුව ස්ථාපිත කරන ලදී. මෙම සියලුම රෙජිමේන්තු 1803 උඩරට යුද්ධවලදී සටන් කළහ. මෙම රෙජිමේන්තු සඳහා තවත් සිංහල සහ මැලේ ජාතිකයන් බඳවා ගන්නා ලද අතර 1814 දී අප්‍රිකානු හමුදාවන්ගෙන් සමන්විත 4 වන රෙජිමේන්තුවක් ඇති කරන ලදී. 1817 දී රෙජිමේන්තුවේ නම ලංකා රයිෆල් රෙජිමේන්තුව ලෙස වෙනස් කරන ලදී. 1848 දී පුරන් අප්පුගේ නායකත්වයෙන් මාතලේ කැරැල්ලෙන් පසු සිංහලයින් බඳවා ගැනීම නතර විය. ලංකා රයිෆල් රෙජිමේන්තුවේ ඉතිහාසය බ්‍රිතාන්‍ය හමුදා සංස්ථාපිතයේ සේවය සඳහා බ්‍රිතාන්‍ය නොවන පුද්ගලයින් ලංකාවේ සේවයේ යෙදවීමේ පළමු අදියර සනිටුහන් කරයි.

ශ්‍රී ලංකා ස්වේච්ඡා බලකායේ විකාශණය

බ්‍රිතාන්‍ය නොවන පිරිස් සේවයේ යෙදවීමේ දෙවන අදියර ආරම්භ වූයේ 1861 දී යටත් විජිතයේ ස්වේච්ඡා බළකායකට බලය පැවරීම සඳහා නිර්මාණය කරන ලද ආඥාපනතකිනි. එසේ පිහිටුවන ලද බළකාය Ceylon Light Infantry Volunteers (CLIV) ලෙස නම් කරන ලද අතර එය ලංකාවේ ස්වේච්ඡා ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කරන ලදි. 1874 දී ලංකා රයිෆල් රෙජිමේන්තුව විසුරුවා හැරීමෙන් ඇති වූ අඩුපාඩුව මග හරිනු ලැබුවේ එම බළකාය පිහිටුවීමෙනි. ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා ව්‍යාපාරයට වෙළෙඳ ප්‍රජාවගෙන් විශාල සහයෝගයක් ලැබිණි. CLIV මුලින් පරිපාලනය කරනු ලැබුවේ තනි ඒකකයක් ලෙසය. වසර ගණනාවක් ගෙවී යාමත් සමඟ එහි විවිධ කොටස් මුල් ඒකකයෙන් බැහැරව පැවතුණි. එබැවින් ස්වේච්ඡා බලකායේ විවිධ ඒකක එනම් ලංකා කාලතුවක්කු ස්වේච්ඡා හමුදාව, ලංකා පාබල හමුදාව, ලංකා ස්වේච්ඡා වෛද්‍ය බලකාය, කැඩෙට් බළඇණිය ලංකා සැහැල්ලු පාබල හමුදාව, ලංකා ඉංජිනේරුවන්, ලංකා සැපයුම් සහ ප්‍රවාහන බළකාය සහ ලංකා යන විවිධ ඒකක බිහි විය.

1910 දී, බලකායේ නම ලංකා ආරක්ෂක බලකාය ලෙස වෙනස් කරන ලදී. ලෝක යුද්ධ දෙකක් අතර වසර ගණනාවක් පුරා, ලංකා ආරක්ෂක බලකාය අඛණ්ඩව සමෘද්ධිමත් වූ අතර එහි අරමුණ ඉටු කිරීමට නොයෙකුත් පුහුණුවීම්වල නිරත විය. 1900 දී සිලෝන් මවුන්ටඩ් බලකායෙහි කණ්ඩායමක් සහ 1902 දී ලංකා වැවිලි කරුවන්ගේ රයිෆල් බලකායෙහි කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ බෝයර් යුද්ධයට සහභාගී වූ අතර එහිදී ඔවුන්ගෙන් ක්‍රියාකාරී සේවයක් ඉටුවිය. 1922 දී, ලංකා ආරක්ෂක බලකාය රෙජිමේන්තු වර්ණ පිරිනැමීම මගින් ගෞරවයට පාත්‍ර විය. 1914-18 යුද්ධය අතරතුර, ආරක්ෂක හමුදාවේ බොහෝ ස්වේච්ඡා සේවකයන් එංගලන්තයට ගොස් බ්‍රිතාන්‍ය හමුදාවට බැඳුණු අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජීවිත පූජා කළහ.1939 දී, දෙවන ලෝක සංග්‍රාමය ඇති වීම මත ලංකා ආරක්ෂක බලකාය බලමුලු ගන්වන ලද අතර, තැපැල් සහ ටෙලිග්‍රාෆ් සංඥා, ලංකා දුම්රිය ඉංජිනේරු බලකාය, ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, වැනි නව ඒකක වැඩි දියුණු කිරීම ඇතුළත් දැවැන්ත ව්‍යාප්තියක් සිදු විය. Axiliary Territorial Service (Ceylon), ලංකා පොලිස් හේවා බලකාය සහ ලංකා සංඳා බලකාය සහ කලින් විසුරුවා හරින ලද කොළඹ නගරාරක්ෂක ඒකකය නැවත වරක් මතු කරන ලදී.

යුද්ධය අවසන් වූ විට, ලංකා ආරක්ෂක බලකාය නැවත එහි සාමාන්‍ය මට්ටමට ගෙන ඒමේ කාර්යය ආරම්භ වූ අතර 1948 වන විට නිදහස ලැබී 1949 දී, නිත්‍ය හා ස්වේච්ඡා හමුදාවන්ගෙන් සමන්විත ලංකා හමුදාව ඉහළ නංවමින් යුධ හමුදා පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. ස්වේච්ඡා සේවකයන් නැවත වරක් ඔවුන්ගේ පැරණි නාමය ඇතුලත්ව ස්වේච්ඡා සේවකයන් බවට පත් විය. වරින් වර විසුරුවා හරින ලද ස්වේච්ඡා බලකායේ පැරණි ඒකක කිහිපයක් හැර බොහෝ පැරණි ඒකක තවමත් හමුදාවේ පවතී. එතැන් සිට ස්වේච්ඡා බළකාය වර්ධනය වී ඇති අතර අවශ්‍යතා පැනනගින විට නිත්‍ය බලකායට අතිරේකව සපයනු ලබන්නේ මෙම බලකායයි. උතුරු ශ්‍රී ලංකාවේ සතුරුකම් ආරම්භ වූ දා සිට,ස්වේච්ඡා බළකාය, ප්‍රති කැරලිකාර මෙහෙයුම්වල නිරත වූ නිත්‍ය ඒකක සමඟ උරෙන් උර ගැටී කටයුතු කරන ලදී.

අපේම නිත්‍ය හමුදාවක් ඇති කිරීමේ අරමුණ පෙරදැරිව ආරක්‍ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රථම නිත්‍ය ලේකම් ශ්‍රීමත් කාන්තයියා වෛත්‍යනාදන් සී.ඊ.බී, බ්‍රිගේඩියර් රොඩ්රික් සින්ක්ලෙයාර් ගේ අණදෙන නිලධාරියා යටතේ ලංකා දිවයිනට නිත්‍ය හමුදාවක් ඇති කරන ලදී. මේ සම්බන්ධයෙන් එවකට ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍ය දොන් ස්ටීවන් සේනානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය (අංක 10,028) එදිනම ප්‍රකාශයට පත් කරන ලද අතර, ලංකා යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු අලුතින් ස්ථාපිත කරන ලද ආයතනයේ කටයුතු කිරීම සඳහා කොමිෂන් කිරීම සහ උසස් කිරීම ප්‍රකාශයට පත් කරන ලදී. මුලදී මූලස්ථානය පිහිටුවන ලද්දේ යුද හමුදාවේ යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික අවම මාණ්ඩලික නිලධාරීන් සමඟිනි. කාලයාගේ ඇවෑමෙන් සහ ඒකක පිහිටුවීමට පටන් ගත් විට, මූලස්ථානය පිහිටුවීම පුළුල් කිරීමේ අවශ්‍යතාවය දැනුණු අතර ඒ අනුව එයට විවිධ ශාඛා එකතු කරන ලදී.

පළමු කැඩෙට් නිලධාරි කණ්ඩායම 1950 ජනවාරි මාසයේදී Sandhurst හි Royal Military Academy වෙත යවන ලදී. දියතලාව ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය හමුදා පුහුණු කණ්ඩායමක් ස්ථාපිත කරන ලද්දේ නිලධාරීන්ට, කොමිෂන් නොලත් නිලධාරීන්ට සහ නව බඳවාගැනීම් සඳහා පුහුණුවක් ලබා දීමටය. 1955 පෙබරවාරි මාසයේදී ලංකා යුද හමුදාපති බ්‍රිගේඩියර් රීඩ් විශ්‍රාම ගැනීමෙන් පසු, ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨතම ලංකා යුද හමුදා නිලධාරියා වූ කර්නල් ඇන්ටන් මුත්තුකුමාරු බ්‍රිගේඩියර් නිලයට උසස් කර ලංකා යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබීය. ඔහු යුද හමුදාපති වූ පළමු ශ්‍රී ලාංකිකයා විය. පසුව ලංකා යුද හමුදා ස්වේච්ඡා බළකායේ පරිපාලනය යුද හමුදා මූලස්ථානයෙන් වෙන් කරන ලද අතර, එහි අණදෙන නිලධාරියා කර්නල් එච්.ඩබ්ලිව්.ජී. විජේකෝන්, බි‍්‍රගේඩියර් ඒ මුත්තුකුමාරු නොමැති සමයේ වැඩබලන ආඥාපතිවරයා ලෙස කටයුතු කළේය.

බොහෝ දක්ෂ හා කීර්තිමත් පුද්ගලයින් විසින් අණ දෙන ලද ලංකා හමුදාව එතැන් සිට උත්සවාකාරයෙන් පමණක් නොව රාජ්‍ය අවශ්‍යතා ඇති අනෙකුත් ක්ෂේත්‍රවල ද සිය රාජකාරි ඉටු කර ඇත. මෙම තත්ත්වය දිවයින පුරා යුද හමුදා අණදෙන ස්ථරය ව්‍යාප්ත කිරීමට හේතු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ප්‍රදේශයේ අණදෙන නිලධාරීන්ට අණ දෙන ප්‍රාදේශීය මූලස්ථානය බිහි විය. ඒ අනුව පලාලි, අනුරාධපුරය, මහනුවර, බූස්ස, දියතලාව සහ පනාගොඩ යන ප්‍රදේශවල සිට ක්‍රියාත්මක වී මුළු දිවයිනේම ආරක්‍ෂාව ආවරණය කර තිබිණි. වසර 25ක් පැරණි සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි 22 දින රට ස්වාධීන ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනරජ ව්‍යවස්ථාව මගින් 1971 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජය ලංකා හමුදාවේ නව යුගයක් ආරම්භ කළේය. යුද හමුදාවේ සියලුම නිලධාරීන් සහ සෙබළුන් ශ්‍රී ලංකා නව ජනරජයට පක්ෂපාතී බවට දිවුරුම් දුන්හ. ඒ ඒ ඒකකවල පැවැත්වෙන පෙළපාලිවලදී මෙය නොවරදවාම සිදුකෙරිණි. පසුව අලුතින් ප්‍රකාශයට පත් කරන ලද ජනරජ දිනයේදී සේවයේ නියුතු සියලුම දෙනාට පදක්කමක් නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ජනරජය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නව රෙජිමේන්තු ලාංඡනය හඳුන්වාදීමත් සමඟ යුද හමුදාවේ සියලුම ඒකකවලට අනුබද්ධව තිබූ ආයතන ඉවත් කළ හැකි විය. විවිධ රෙජිමේන්තු ලාංඡන සහ ලාංඡන තුළ මෙම සම්බන්ධතා වඩාත් පැහැදිලිව දක්නට ලැබුණි. නව තොප්පි ලාංඡන සහ අනෙකුත් ලාංඡනවල සැලසුම් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙස හමුදා මූලස්ථානය විසින් චක්‍රලේඛයක් නිකුත් කරන ලදී.

බාගත කරන්න